කොවිඩ් ආසාදිතයෙකු නිසා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසයි


ඔක්තෝබර් 02 දා ඉතාලි රෝම නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් ඊයේ (09දා) සිට 12 දා දක්වා තානාපති කාර්යාලය වසා දමා විෂබීජහරණයට ලක්කරන බව තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ඉන් අනතුරුව තානාපති කාර්යාල සාමාජිකයන් PCR  පරික්ෂණයට ලක් කිරීමට ඉතාලි සෞඛ්‍ය බළධාරින් උපදෙස් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පවසයි.

මෙම ආසාධිත පුද්ගලයා ලාංකිකයෙකු බවත් එම පුද්ගලයා තානාපති කාර්යාලයෙන් ලියකිවිලි සම්බන්ධයෙන් කටයුතු කර ගැනීමට පමිණි අයෙකු බව තානාපති කාර්යාලය පැවැසීය.

චන්දන ප්‍රනාන්දු



Recommended Articles